වසර 34 සේවා කල දැඩිව අපහසුවට පත් නඩුව;ගෝඨා ගැන තින්දුව දෙමින් විනිසුරු ඊවා කියයි.

TH25_GOTABAYA_SRI__1467619e

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් පනවා ඇති තහනම් නියෝගය බල පැවැත්වෙන්නේ පොලිස්පතිවරයාට, මුල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන්ට පමණක් බව ශ්‍රේෂඨාධිකරණය අද දැනුම් දී තිබෙනවා.

අදාළ තහනම් නියෝගය තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වා ඇත්තේ කවර පාර්ශවයන් වෙතද යන්න පැහැදිලි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

ඊවා වනසුන්දර සහ සරත්ද ආබ්‍රෘ යන විනිසුරු මඩුල්ල හමුවේ එම මෝසම සලකා බැලුණු බව මාධ්‍ය අද වාර්ථා කලා.

ඒ අනූව පොලිස්පතිවරයා, මුල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන්ට හැර  වෙනත් ඕනෑම පාර්ශවයකට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බාධාවක් නැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙන්නේ.

‍මෝසම ඉදිරිපත් කරමින් නීතිපතිවරයා‍ වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයේදී කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා ගැන පරීක්ෂණ කිරීමට යාමේදී ඔහුව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීම වළක්වා තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

එසේ ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වා ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ කවර පාර්ශවයකටද යන්න පැහැදිලි කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත පැහැදිළි කිරීම කළ බවද සදහන්.
මේ අතර මෙම නඩු විභාගයට සහභාගිවීම නිසා වසර 34 වූ තම සේවා කාලය තුළ දැඩි අපහසුතාවයට පත්වූ බව විනිසුරු ඊවා වනසුන්දර විවෘත අධිකරණ හමුවේ ප්‍රකාශ කර තිබෙන බව මාධ්‍ය වාර්ථා පෙන්වා දෙනවා.

සෑම නඩුවක්ම තමන්ට එක හා සමාන බවත්, කිසිදු නඩුවක් විශේෂ නඩුවක් ලෙස නොසලකන බවත්, ඇය විවෘත අධිකරණය හමුවේ කියා සිටි බවයි මාධ්‍ය වාර්ථාකර තිබුනේ.