ලංකා ඉතිහාසයේ වැඩිම ගණනට ඇමරිකානු ඩොලරය නගී.

sri-lanka-rupee-vs-us-dollar

ශී‍්‍ර ලංකා මුදලින් අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 140ට ආසන්න වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල මේ වන විට රුපියල් 134.70ක්. එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 137.95ක් ලෙසයි. මීට අමතරව බැංකුවකින් විදේශ විනිමය මාරු කිරීමේදී එ් සඳහා සියයට එකක පමණ අතිරේක ගාස්තුවක්ද අය කෙරෙනවා. එ් අනුව කිසියම් පුද්ගලයෙකු බැංකුවකින් අමෙරිකානු ඩොලරයක් මිලදී ගැනීමේදී ගෙවිය යුතු වන සැබෑ වටිනාකම රුපියල් 139කට ආසන්නයි. මෙය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ අමෙරිකානු ඩොලරය සඳහා වාර්තා වූ ඉහළම වටිනාකම බව ආර්ථික විශේඥයින් පවසනවා.එසේම පසුගිය රජය ඩොලරයේ අගය ස්ථාවරව පත්වා ගැනිමට විදේස් සංචිත පවත්වාගෙන ගියත්, මේ වනවිට එම සංචිත ප්‍රමාණය දිගින් දිගටම අඩු විම නිසා මේසේ ඩොලරයේ අගය ඉහල යන බවද ඔවුන් පෙන්වා දී තිබේ.