අගමැතිගේ බිලියන 28ටේ කතාවත් මඩක්.. හිටපු ජනපති කරුණු හෙලිකරයි.

MR_RW

මහාමාර්ග අමාත්‍යාංශයේ රුපියල් බිලියන 28ක් අවභාවිත කිරීම පිළිබද අගමැතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ව්‍යාපෘති 28ක් සඳහා රුපියල් බිලියන 55ක් ලබාගෙන ඉන් රුපියල් බිලියන 28ක් අවභාවිත කළ බවට අදාළ චෝදනාවේ සදහන් වන බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ.මහාමාර්ග අමාත්‍යංශයේ රුපියල් බිලියන 28ක් අවභාවිත කළ බවට අග‍්‍රාමාත්‍යවරයා තමන්ට එල්ල කළ චෝදනාව ආණ්ඩුවෙන් තමන්ට එරෙහිව එල්ල වන අවලාද ව්‍යාපාරයේ තවත් කොටසක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ණය ලබාගත් බව සත්‍යයක් වුවත් අගමැතිවරයා සදහන් කරන රුපියල් බිලියන 28 එකී දිගුකාලීන ණය පහසුකමේ කොටසක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරනවා.

මෙම බිලියන 28ක කෙටි කාලීන ණය උපයෝගී කර ගත්තේ විදේශීය ආයතන විසින් ප්‍රතිපාදන සපයන මහාමාර්ග ව්‍යාපෘතිවල දේශීය කොටස ගෙවීමටයි. එසේම ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් ණය පහසුකම්වලින් මාර්ග සංවර්ධන අධිකාරිය කර ඇති වැඩ කෝප් කමිටුවට විමර්ශනය කර බැලිය හැකියි. එම නිසා මෙම චෝදනාව ද ආණ්ඩුව තමන්ට එරෙහිව සිදුකරන අසත්‍ය චෝදනාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

එසේම 2015 වර්ෂයේ අයවැයෙන් මෙම ණය මුදල ගෙවිම සදහා තමන් වෙන්කල ප්‍රතිපාදන රනිල් වික්‍රමසිංහ රජය අවභාවිත කිරිම නිසා ජාතික ඉතිරිකිරිමේ බැංකුවට අදාල ණය ගෙවිමට නොහැකිව හිර වී සිටින නිසා මෙම චෝදනා තමන්ට එල්ල කරන බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දී තිබේ.