ජනපති පක්ෂ නායක රැස්විමක් කැදවයි.

President of Sri Lanka Maithripala Sirisena

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. අද පැවැත්වීමට නියමිත මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්‍ෂයකටම ආරාධනා කර ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සහ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමට අදාල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය  යන දෙකම පාර්ලිමේන්තුවේ දී එකවර සම්මත කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ තීරණය කළා. ඒ සම්බන්ධයෙන් සෙසු පක්‍ෂවල අදහස් ලබා ගැනීම අද පැවැත්වෙන රැස්වීමේ අපේක්‍ෂාවයි.

අදාල සංශෝධන දෙකම පාර්ලිමේන්තුවේදී එකවර ඡන්දයට ගන්නේ නම් භේදයක් නොමැතිව ඒ සඳහා ඡන්දය ලබාදීමට ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් තීරණය කර තිබෙනවා. කෙසේවෙතත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා පැවසුවේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ලබන 20 සහ 21 යන දිනවලදී පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා බවයි.