උතුරු ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් ජනපති බෙදා දෙයි.

 

President of Sri Lanka Maithripala Sirisena

කුමන ජාතියකට, කුමන ආගමකට අයත් වුවද රටේ සියලු ජනතාවගේ හදවත් තුළ දැවෙන ප්‍රශ්න විසඳීමට තම පාලන කාලය තුළ කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩ නංවා ඔවුන් අතර ඇති සැකය, බිය, අවිශ්වාසය නැති කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

උතුරු  ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාප ලෙස පැවති අක්කර දහසක පමණ භූමි ප්‍රදේශයක් මුල් පදිංචිකරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ ඉඩම් අක්කර 425ක් නිදහස් කිරීම වෙනුවෙන් යාපනයේදී පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ඉඩම් පිළිබඳ ජනතා ගැටළු විසදීමට දේශපාලනඥයින් වශයෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කළ යුතු බවද පැවසුවේය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යන මහත්ම මහත්මින් ඇතුළු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාද සහභාගි වුණි.