ජාතික ආණ්ඩුක් හදා හැමොම ඇමතිලා වෙයි.

1426041226_t

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එකතුවීමට හැකියාවත් පවතින  බවත්, එසේ වුවහොත් එය ඓතිහාසික තීන්දුවක්වනු ඇති  බවත්, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(22) අලුත්ගම පැවැත්වුණු වෛද්‍ය සානයක උත්සව සභාවක්  අමතමින්ය.

මේ අතර අද පස්වරු 2.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් සකාච්ඡාවක්   පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත්, ඒ සඳහා පක්ෂ ‍ජ්‍යේෂ්ඨතයින් සහභාගී වීමට නියමිත බවත්  වාර්තා වේ.

එසේම එම අවස්ථාවේදී ශ්‍රී.ල.නි.ප. කිහිපදෙනෙකුට ඇමතිධූර කිහිපයක් ලබාදීමටද  නියමිතව ඇති  බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම හෙට (23) සිදුවන බවත් එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 15 කට වැඩි සංඛ්‍යාවකට ඇමති පදවි හිමිවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.  කොළඹ අද පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසකට රාජ්‍ය අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවන බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඇමති පදවි භාරගැනීම, පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා වටා රොක්වූ ජන බලවේගය පාවාදීමක් බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්  10  දෙනෙකු අද පස්වරු 2.00  ට කැබිනට්  අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙන බව ඇමති  අකිල විරාජ් කාරියවසම්   මහතා පවසයි