ඉන්දිය අගමැති අද ලංකා පාර්ලිමෙන්තුවට.

Narendra Modi M sirisena

දෙදින නිල සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර සාකච්ඡා අද උදෑසන පැවැත්වුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඉන් අනතුරුව දෙරට අතර සුහදතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම සදහා වන ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුණා. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍යවරුන් වන මංගල සමරවීර, අර්ජුන රණතුංග, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, කබීර් හෂිම්, රිෂාඞ් බදියුදීන් සහ පී දිගම්බරන් යන මහත්වරුන් සහභාගි වී සිටියා.

දිවයිනට පැමිණි නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් නාවුක හමුදා ආචාර පෙළපාලියක්ද අද උදෑසන පැවැත්වුණා. එහිදී ආචාර වෙඩිමුර 21 ක උත්තමාචාරයක්ද පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ මහාබෝධි විහාරස්ථානයේදී විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් පිරිනමනු ලබන දිවා භෝජන සංග්‍රහයටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගි වනු ඇති. පස්වරු 3.20 ට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි. පස්වරුවේ නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුරයේ සංචාරයක නිරත වනු ඇති.