සජින් ඇවිත් යයි; සරණ අල්ලගයි.

gavel, scale, and law book

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (11) අල්ලස් කොමිසමට නොපැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (12) පැමිණ තිබුනා.

ඊයේ පැමිණෙන ලෙසට එම දැනුම්දීම කළද අසනීප තත්ත්වයක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව ඔහු දන්වා තිබූ බව සඳහන්.

ඒ අනූව ඒ මහතා අද අල්ලස් කොමිසමට පැමිණ තිබුනා.

මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වනවා.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා තිබෙනවා.

ලක්ෂ 96ක මුදලක් වංචා කිරීම හා විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත්,සැකකාර මන්ත්‍රීවරයා අද සවස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.