ගෝඨව ගන්නවා; විධායක සභාව,එහෙම බැ නීතිවේදින්/විචාරකයින්.

Gotabaya-Rajapaksa

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කළ යුතු බව ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කර තිබෙනවා. ඒ, ඊයේ පැවති එම සභාවේ රැස්වීමේදීයි.ජාතික විධායක සභාව සදහා සමාජිකයන් ලෙස නම් කර සිටින්නේ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි(කැදවුම්කරු ),ජනාධිපති,අගමැති,ආර් සම්බන්ධන්,රාහුෆ් හකීම්,මනෝ ගනේෂන්,රිෂාඩ් බදියුදීන්,සරත් ෆොන්සේකා,චන්ද්‍රිකා කුමාරතුංග,අනුර කුමාර හා පාඨලී චම්පික රණවකයි.

ගාල්ල වරායෙන් සොයාගත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එලෙස අත්අඩංගුවට ගත යුතු බවයි විධායක සභාව තීරණය කර තිබෙන්නේ. ඇවන්ගාඩ් සිද්ධියට අදාළව සමහරවිට වරදකරු බවට කරුණු තහවුරු වුවහොත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද අත්අඩංගුවට ගතයුතුව ඇති බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති විධායක සභාවේදී සාකච්ඡා කෙරුණු බව කරුණාරත්න මහතා සඳහන් කර තිබෙනවා.

කිසියම් වරදකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත යුතු බවට තීරණය කිරීමේ හැකියාවක් ජාතික විධායක සභාවට නැතැයි නීතිවේදීන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ විධායක සභාව එවැනි තීරණ ගැනීමෙන් සිදුවන්නේ එය දේශපාලනික අරමුණු වෙනුවෙන් කටයුතු කරනු ලබන නිලධාරී මණ්ඩලයක් බවට පත්වන බවයි.

මෙවැනි තීරණයක් ගැනීමට ජාතික විධායක සභාවට හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් කළ විමසීමකදී නීතිවේදීන් මෙම කරුණු පෙන්වා දී තිබෙනවා.

මේ පිලිබද අදහස් පල කල අධි නීතිඥ ගෝමින් දයාසිරි මහතා පවසන්නේ ප්‍රමාණවත් සාක්ෂී මත නිතිය ක්‍රියාත්මක කරන ආයතන ලබා ගත යුතු මේ තිරණ දේශපාලන අරමුණු වෙනුවෙන් ගැනිමට යාමෙන් විධායක සභාව ජනතාව ඉදිරියේ හැල්ලු වන බවයි.මේ තිරණ ගැනිමට ඔවුන්ට නිතිමය බලයක් නොමැති බවද ඒ මහතා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

එසේම  කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ඉදිරිපත් විය යුතුයි. එමෙන්ම අදාළ පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකළ යුතු බවයි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ.කෙසේවෙතත් කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කිරීමේ අයිතිය පමණක් ජාතික විධායක සභාවට ඇති බවයි අජිත් පතිරණ මහතා පෙන්වා දී තිබෙන්නේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ජාතික විධායක සභාව ඊයේ ගත් තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසිමකදී ඔහු කියා සිටියේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් වන සියලූ තොරතුරු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ද ලබාදුන් බවයි. එම නිසා එහි කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුවී නොමැති බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ. දේශපාලන සිද්ධීන් මත පලිගැනීමේ අරමුණින් තමන් අත්අඩංගුවට ගැනීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවද ඒ මහතා කියා සිටියා.

මේ අතර අද කැදවා තිබු මාධ්‍ය හමුවකදි ජාතික නිදහස්  පෙරමුණද මේ පිලිබදව ප්‍රශ්න කලා.එහිදි අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක එම්. මුසම්මිල් මෙසේ සදහන් කලා.

දැන් මේ ආණ්ඩුව යුද්ධය ජයග්‍රහණය කළ නායකයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක එම්. මුසම්මිල් පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් ජාතික විධායක සභාවේ සාකච්ඡාවී ඇති බව අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම සිහිපත් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත යුතු බවට  රාජිත සේනාරත්න අමාත්‍යවරයාද,වික්‍රමබාහු කරුණාරත්න මහතාද කරුණු දක්වා ඇති බව ඔහු පෙන්වාදුන්නේය.

එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමකට අදාළව සාකච්ඡා කිරීමට හා තීන්දු තීරණ ගැනීමට විධායක සභාවට පවත්නා නෛතිකමය බලය කුමක්දැයි මුසම්මිල් මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ සිට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ දක්වාම උදවියගෙන් මීට ප්‍රථම ප්‍රශ්න කළ බවද ඔහු සිහිපත් කළේය.

කැලම් මැක්රේ ට වී.අයි.පී මාර්ගයෙන් ඇවිත් එල්.ටී.ටී.ඊ හිතවාදී වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීමට අවසර ලබාදෙද්දී,කොටි සාමාජිකයින් නිදහස් කරද්දී යුද නායකයින් අත්අඩංගුවට ගැනීමට සැලසුම් කිරීම ඉතාම කනගාටුදායක බව ඔහු අවධාරණය කළේය.

මහබැංකුවේ සිදුව ඇති වංචාව කෝටි 270 ට වැඩි බවට මේවන විට මාධ්‍ය වාර්තා පළවන බවත්,අනුර කුමාරලා තම ‍ගෝලයින් ලවා මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමු පවත්වමින් සිටිනවා විනා තමන් නියෝජනය කරන විධායක සභාවේදී ඒ පිළිබඳ ප්‍රශ්න නොකරන්නේ මන්දැයි හෙතෙම සඳහන් කළේය.