ඇමති රවීට,අගමැති රනිල්ට නොතීසි.

564757575757

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව සදහන්.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව අත්තනායක මහතා විසින් එම පෙත්සම ගොනු කර තිබිණ.

මේ අතර  මුදල් අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් හයදෙනෙකුට අද අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් කිහිපදෙනෙකු අභියාචනාධිකාරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

අදාළ පෙත්සම විභාග කිරීමට නියෝග කළ අභියාචනාධිකරණය මාර්තු මස 24 වෙනිදා එය විභාගයට ගන්නා බවද සඳහන් කළේය.

අදාළ පෙත්සම මගින් පෙත්සම්කරුවන් පවසා ඇත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පසුගිය පෙබරවාරි 10 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් හයිබ්‍රිඩ් වාහන මිල ඉහළ ගොස් ඇති බවයි.

ඒ තුළින් වාහන ආනයනකරුවන් අපහසුතාවට පත්ව ඇති බවද පෙත්සම්කරුවන් සඳහන්  කර තිබේ.