මීගමුවෙන් කුඩු තොගයක්.

 Sri-Lanka-Police

මීගමුව ප‍්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝග‍්‍රෑම් 05ක තොගයක් කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගෙන තිබේ. අදාල නිවසේ හිමිකරු මීගමුව ප‍්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බවත් ප‍්‍රශ්න කිරීම් සඳහා එම ව්‍යාපාරිකයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු බවත් පැවසේ.