“ෆුල් ෆේස්” තහනම කරගන්න බැරිවෙයි.

bc945dba2e804765b3176affe08ccfd9

මේ මස 21 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) භාවිතය තහනම් කිරීමේ නීතිය යළි ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.

මෙවැනි හෙල්මට් භාවිතයෙන් සිදුවන අපරාධ වළක්වා ගැනීමේ අරමුණින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් ඊට යතුරු පැදිකරුවන් බහුතරයක් විරෝධය පළ කරන ලදී.සමාජය තුලද මෙම නීතියේ තිබෙන ස්වරුපය පිළිබද විනොදකාමි මත පැතිරුනු අතර සමාජ ජාල වෙබ් අඩවි මේ නිතියට එරෙහිව දැඩිව විවේචන එල්ල කරනු ලැබිය.

ඒ අනූව අදාළ නීතිය ඉවත් කර ගැනීමට කටයුතු යොදා ඇති බව මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි  කටයුතු  ඇමති ජෝන් අමරතුංග පැවසීය.