විමල් පසුපස අල්ලස් කොමිසම පන්නයි;අද එන්න කියලා.

341231`31`31`31`3

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා අල්ලස් කොමිසමට කැඳවා තිබේ.

වත්කම් විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයාට අල්ලස් කොමිසම හමුවේ අද පෙනී සිටින ලෙසට දැනුම්දී ඇතැයි සඳහන්ය.

ඒ අනූව ඒ මහතා නීතිඥ  කපිල ගමගේ මහතා සමග අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ඒකකය පැවසීය.