ජනාධිපති මෛත්‍රීපාල පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උලෙලට.

 

President of Sri Lanka Maithripala Sirisena

නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටින  සිරිස්න මහතා අද(09) පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උලෙලට සහභාගී වීමට නියමිතව තිබේ.

අදාළ සැමරුම් උලෙල පොදු රාජ්‍ය මණ්ඩලීය මුලස්ථානයේදී පැවැත්වෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට නියමිතය.

මේ සැමරුම් උලෙලේ ප්‍රධානත්වය එළිසබෙත් මහ රැජින විසින් දරණ අතර ඊට රාජකීය පවුලේ සාමාජිකයින් සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා සහභාගී වනු ඇත.

අද පෙරවරුවේ  “වෙස්ට් මිනිස්ටස් ඇබේ“ දේවස්ථානයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය සැමරීමේ දේව මෙහෙය සඳහා ජනාධිපතිවරයා සහභාගී විමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහරැජින සමඟ දිවා භෝජනයකට සහභාගී විමට නියමිත බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

තෙදින නිළ සංචාරයක් සදහා ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සෙනසුරාදා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා සහ ධුත පිරිස ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපලේදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා.

මේ අතර ජනාධිපතිවරයා හෙට දිනයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා මුණගැසී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැළසුම්කර තිබෙනවා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා හෙට පස්වරුවේ බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් මුණගැසී සාකච්ඡා කිරිමට නියමිතයි.