නුවර රැළියේ මොකද වුනේ? ( ඡායාරූප සහිතයි )

11010965_893882473996329_3251659694647917685_n

‘‘ දිනු රට අනතුරක – ජාතියේ අභියෝග ජය ගැනීමට පෙළ ගැසෙමු ’’ යන තේමාව යටතේ එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ පක්‍ෂ කිහිපයක් සංවිධාන කළ මහජන රැළිය මහනුවර නගරයේ දී පැවැත්වුනා. ඊට විශාල පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වුයේ.

රැළිය ඇමතූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව පත්වීමත් සමග රට අධිරාජ්‍යවාදීන්ට නතු වී ඇති බවයි. ඉන් රට බේරා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යධූරයට පත්කළ යුතු බවද වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළා. ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂය අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා ඉටුකරමින් සිටින බවයි. වර්තමානයේ තම පාර්ශ්වය අනාථ වී ඇතැයි ද වාසුදේව නානායක්කාර මහතා රැළිය අමතමින් ප‍්‍රකාශ කළා. අහිමිවු බලය යළි අතට ගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නැගි සිටිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රැළිය ඇමතූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව යටතේ යහපාලනයක් කිසිසේත් අපේක්‍ෂා කළ නොහැකි බවයි. රට විවිධ බලවේගවලින් බේරා ගැනීමටත් ගොඩනැංවීමටත් මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යධූරයට පත් කළ යුතු බවත් ඔහු කියා සිටියා.

මෙම ජනරැළිය සඳහා ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සුභපැතුම් පණිවුඩයක් එවා තිබුනා.

රැළිය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මෙසේ අදහස් පල කලා.
“ලැම්බෝ ගිනි හතර වටේ ත‍ියෙනවා කිවුවා, රත්තරන් අශ්වයෝ ඉන්නවා කිව්වා ‍සීසෙල්ස් වල හැදුවා කිව්වා, එහෙනම් ඔප්පු තිරප්පු ගෙනල්ලා පෙන්නන්න” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමති විමල් වීරවංශ මහතා සදහන් කලා.

දවසින් දවස මඩ අවලාද වැඩිවන බව මන්ත්‍රීවරයා මහනුවර දී පැවැති ජනරැළියේදී කියා සිටියේය.

උතුරේ ජනාධිපති මන්දිරය ජනසතු කරන බව කියන බවත්, රජය සතු දෙයක් ජනතාවට අයිති නිසා එය අමුතුවෙන් ජනසතු කළ යුතු නැති බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

අද උතුරු පළාත් සභාව වෙනදාට නැති යෝජනා සම්මත කරගන්නා බවත්, එහි සිදුවන්නේ
බටහිර අධිරාජ්‍යවාදීන්ට ඕන වෙනස බවත්, ඔහු කීවේය.

මෙය අනිත් පැත්තට පෙරළිය හැකි බලවේගයක් අවශ්‍ය බවත්, එම බලවේගය මහින්ද රාජපක්ෂ මහතා බවත්, ජනතාව ඔහු වටා එක්වන්නේ කාන්දමක් ලෙස බවත්, කැඳයින් වටා ජන බලවේග එක්වන්නේ නැති බවත්, ඒ මහතා පැවසීය.

මේ නිසා ජාතිය දිනවන්න මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මෙන්ම දිලූම් අමුණුගම සහ ශ‍්‍රියානි විජේවික‍්‍රම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙම රැළියට එක්ව සිටියා. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පිරිසක් ද ඊට එක්වුණා. මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙන්ම කලාකරුවන් පිරිසක් ද රැළියට එක්ව සිටියා.

11041821_893882530662990_3558544215067920148_n 11024764_893882433996333_3482703429179299365_n 10430886_893882450662998_8327287644047338279_n B_aZYe6VAAAGq8G B_aZaxTVAAAR4H0 B_aZc2cVEAMTm5E