ජනපති මෛත්‍රි බි‍්‍රතාන්‍ය සංචාරයකට අද නික්මෙයි.

President of Sri Lanka Maithripala Sirisena

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බි‍්‍රතාන්‍ය බලා අද පිටත්ව යාමට නියමිතයි. ඒ, සිව්දින නිල සංචාරයක් සඳහායි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බි‍්‍රතාන්‍යයේ එලිසබෙත් මහරැජිණගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි. කෙසේවෙතත් මෙම සංචාරයට ජනාධිපතිවරයා සමග එක්වන දූත පිරිසට අයත් නියෝජිතයින් සංඛ්‍යාව 11 දෙනෙකු පමණක් බව මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළා.

මෙම සංචාරයේ දී බි‍්‍රතාන්‍ය මහරැජිණ සහ අග‍්‍රාමාත්‍ය ඬේවින් කැමරන් සමගද මෛත‍්‍රිපාල සිරිසේන මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ.

ගරු  ජනාධිපතිතුමා එංගලන්තයේ සංචාරයක නිරත වෙනවා. මේ එංගලන්තයේ නිරතවෙන සංචාරය මාර්තු මාසයේ 07 වෙනිදා ඉදලා මාර්තු මාසයේ 11 වෙනිදා දක්වා කාලය තුලයි පැවැත්වෙන්නේ. මේ සංචාරයේ ප්‍රධාන අරමුණ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුවේ සභාපතිවරයා හැටියට 9වැනිදා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය සැමරීමේ උත්සවයට සහභාගී වෙනවා. 10 වෙනිදා යාපනය හින්දු විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ රැස්වීමකට ලන්ඩන්වලදී සහභාගී වෙනවා. ඒත් එක්කම තවත් වැදගත් ශ්‍රී ලංකාව හා සම්බන්ධකම් තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් ශ්‍රී ලංකාව ගැන උනන්දුවෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම් කිහිපයක් ජනාධිපතිතුමා මුණගැහෙනවා.