අසත්‍ය පුවත් පල කලාට සන්ඩේ ලීඩර් ගොඨා ගෙන් සමාව ඉල්ලයි.

Gotabaya-Rajapaksa

ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා  මිලදී ගැනීම සම්බන්ධයෙන් පළ වු වාර්තා ගැන සන්ඩේ ලීඩර් ආයතනය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් අද කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ.

සන්ඩේ ලීඩර් පුවත්පතින් කළ හෙළිදරව්වක් නිසා තමාගේ කීර්ති නාමයට සිදුවූ හානිය සලකා රුපියල් කෝටි 10ක වන්දියක් ඉල්ලා ගල්කිස්ස දිසා අධිකරණයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නඩුවක් පවරා තිබිණ.

අද එම නඩුව සමථයකට පත්වූ අතර මේ සම්බන්ධයෙන් කනගාටුව පළ කර එම පුවත්පතේ යළි නිවැරදි කිරීමක් පළ කිරීමට ද සන්ඩේ ලීඩර් පුවත්පතේ පාලනාධිකාරිය එහිදී එකඟ වී ඇතැයි සඳහන්ය.

එකී නඩුවට අදාළව අද දෙපාර්ශවය විසින් සමථයට පත්වීම සඳහා එකඟ වූ සමථ කොන්දේසී ඇතුළත් නඩු තීන්දුව පහත පරිදිය.

ගල්කිස්ස දිසා අධිකරණයේදීය.
ගෝඨාභය රාජපක්‍ෂ
අංක 15/5, බාලදක්ෂ මාවත
කොළඹ 03.

පැමිණිලිකරු

නඩු අංකය    : 6036/ඵ
ස්වභාවය    : මුදල්
වටිනාකම    : රුපියල් 1,000,000,000/-

-එදිරිව-
1.ලසන්ත වික‍්‍රමතුංග
ප‍්‍රධාන කර්තෘ
සන්ඩේ ලීඩර් පුවත්පත
අංක 1/24, කන්දෙවත්ත ටෙරස්
නුගේගොඩ

2.ලීඩර් පබ්ලිකේෂන් (ප‍්‍රයිවට්) ලිමිටඩ්
අංක 24, කටුකූරුඳුවත්ත පාර,
රත්මලාන

විත්තිකරුවන්

වර්ෂ 2015 ක් වූ මාර්තු මස 06 වන දිනදීය.

සමථ කොන්දේසී.

1.    මෙම නඩුව පාර්ශවකරුවන් අතර පහත සඳහන් පරිදි සමථයට පත්කරවා ගැනීම සඳහා දෙපාර්ශවය එකඟ වේ. එකී සමථ කොන්දේසි කවරේද යත්,

ඉ.    මෛ නඩුවේ දැනටමත් සාක්ෂි ලබා දී ඇති පැමිණිලිකරු, එයාර් වයිස් මාර්ෂල් ඡයනාත් කුමාරසිරි සහ ගුවන් නියමු සුඡීව හෙන්දාවිතාරණ යන අයගේ වාචික සාක්ෂි සහ ලිඛිත සාක්ෂිද සලකා බලා මෙම නඩුවට විෂය වී ඇති සන්ඩේ ලීඩර් පුවත්පතේ 2007-07-15, 2007-07-25, 2007-08-05 සහ 2007-09-02 යන දිනයන් හිදි පිළිවෙළින් Mඓඝ් ඪ්Eඇළ් Cර්‍ඇSH ළැණ්ඪ්S Oණ් ඝ්OVEර්‍ණ්MEණ්ඨ්, ළෛඪ් ඹ්ළ්OWණ් Oණ් ඝ්HOSඨ් COMඵැණ්‍ය් ඨ්Hඇඨ් ඪෛඪ් ඨ්HE Mඓඝ් ඪ්Eඇළ්, COණ්ඨ්ර්‍OVEර්‍ඨෛඇළ් Mඓඝ් 27 ඵ්ර්‍OCUර්‍EMEණ්ඨ් ඉය් Mඓඝ් ඪ්Eඇළ් Cර්‍ඇSH ළැණ්ඪ්S Oණ් ඪ්EFEණ්SE MඓණෛSඨ්ර්‍‍ය් යන මාතෟකා යටතේ පළ කරන ලද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 යානා මිලදි ගැනීම සහ එවකටත් තිබු මිග් ගුවන් යානා අලුත්වැඩියා කිරීම සම්බන්ධ පුවත්පත් ලිපි වල පැමිණිලිකරු සම්බන්ධයෙන් තිබු කිසියම් හෝ චෝදනාවක් හෝ සැකයක් උපදවන කරුණු සම්බන්ධයෙන් පදනමක් නොමැති බවට විත්තිකරු එකඟවේ.

ඊ.    එලෙස එකඟවී පැමිණිලිකරුට සහ ඔහුගේ කීර්ති නාමයට සිදුවී ඇති අපහාසය වෙනුවෙන් හෝ අලාභයක් වේ නම් ඒ සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් පුවත්පත පැමිණිලිකරුට කොන්දේසි විරහිතව සිය කනගාටුව පළකර සිටී.

ඊඉ.    ඒ අනුව එලෙස කනගාටුව පළකරමින් විත්තිකාර සමාගම විසින් සන්ඩේ ලීඩර් පුවත්පතේ 2015 මාර්තු මස 08 වන දිනැති පුවත්පතේ මුල් පිටුවේ සහ/හෝ වඩාත් හොඳින් කැපී පෙනෙන ස්ථානයක මීට X ලෙස අමුණා ඉදිරිපත් කර ඇති පුවත්පත් නිවේදනය පළ කිරීමට එකඟවේ.

ඉව්.    එලෙස කනගාටුව ප‍්‍රකාශ කිරීම සහ ඉහත සදහන් කරන ලද අමුණා ඉදිරිපත් කර ඇති නිවේදනය පුවත්පතේ පළකිරීම හේතු කොටගෙන මෙම නඩුව පැමිණිලිකරු විසින් තවදුරටත් පවත්වාගෙන නොයාමට එකඟවේ.

ව්.    එලෙස අදාළ පුවත්පතේ ඉහත සඳහන් කරන ලද නිවේදනය පළකිරීමෙන් අනතුරුව ඉහත සඳහන් සමථ කොන්දේසි වලට යටත්ව මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීම වෙනුවට තීන්දුවක් සහ තීන්දු ප‍්‍රකාශයක් ඇතුළත් කිරීමට දෙපාර්ශවය එකඟවේ.

වි.    අද දින ඇති කරගන්නා ලද සමථ කොන්දේසි හේතු කොටගෙන මෙම අධිකරණයේ මෙම දෙපාර්ශවය අතර පැවති අංක 6269/ඵ  දරන නඩුවේ තීන්දු ප‍්‍රකාශය මත ඇස්කිසි ක‍්‍රියාත්මක නොකිරීමටත්, තීන්දු ප‍්‍රකාශය ක‍්‍රියාත්මක කළා සේ සැලකීමටත් දෙපාර්ශවය එකඟවේ.

වී.    එකී එකඟතාවය අනුව එකී අංක 6269/ඵ දරන නඩුවේ නඩු තීන්දුවට එරෙහිව විත්තිකරු විසින් බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයට සිදු කර ඇති අභියාචනයද ඉල්ලා අස්කර ගැනීමට විත්තිකරු වැඩිදුරටත් එකඟවේ.

වීඉ.    සියලු පාර්ශවයන් සිය නඩු ගාස්තු තමන් විසින් දරා ගැනීමට එකඟවේ.

පැමිණිලිකරු                             2 වන විත්තිකරු

පැමිණිලිකරුගේ ලේඛනගත නීතිඥ      2 වන විත්තිකරුගේ ලේඛනගත නීතිඥ