මහනුවර රැළියට සියල්ල සුදානම්; සජීවිව නැරඹිමට පිවිසෙන්න.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගෙන එම අරමුණු කර ගත් “මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‌ෂ හතරක්‌ විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න අද පස්‌වරුවේ මහනුවර නගරයේදී පැවැත්වේ.
මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්‌ෂ විසින් මෙම ජනහමු මාලාව සංවිධානය කර තිබේ.
මහනුවර පැවැත්වෙන ජනහමුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක්‌ සහභාගි වනු ඇතැයි සංවිධායක මණ්‌ඩලය සඳහන් කරයි.

 

11029524_968362483181907_2648470830192458254_n 11046598_714546228663200_2107512940916230860_n 11046600_714546248663198_3443334598837214514_n