ඉන්දීය විදේශ ඇමැතිනී නිල සංචාරයට පැමිණෙයි.

Sushma Swara

ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (06) ශ්‍රී ලංකාවට පැමිණීයාය. මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකු සමග සාකච්ඡා කිරීමට සුෂ්මා ස්වරාජ් මහත්මිය සැලසුම් කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර සූදානමක් ලෙස ඉන්දීය විදේශ ඇමැතිනිය මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවද ඉන්දීය තානාපති කාර්යාලය සඳහන් කරයි. ඉන්දීය අගමැතිවරයා ලබන 13 දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණේ.