ජනපති මෛත‍්‍රී අද යාපනේ;විග්නේෂ්වරන්ගෙන් උණුසුම් පිළිගැනිමක්.

8765689698679098

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද යාපනයේ සංචාරයක නිරත වුණා. ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උතුරේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

යාපනයට පැමිණි ජනාධිපතිවරයාව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා විසින් උණුසුම් ලෙසින් පිළිගත් බවයි වාර්තා වුයේ.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පළාත් සංවර්ධන කමිටු රැස්වීමකටද සහභාගි වුනා.

ඊට යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන  සියලු දේශපාලන පක්ෂ  නියෝජිතයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කර තිබුනා.

අද පස්වරුවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබෙනවා.