අනුර කුමාර ; විජේදාස රාජපක්ෂ ගැටුම උග්‍ර අතට.. ( විඩියෝ සහිතයි )

213421341431243431`4

ගණුදෙනුවක් උනොත් කියන්නේ දුෂිතයි කියලා,
මහින්දගේ ආණ්ඩුවට කලෙත් මේකමයි,
රට විනාශ කලේ JVP,
එක පොස්ටරයක් ගහල දැන් එනවා ආණ්ඩුව එයාලගේ කියන්න,
ඡන්දෙන් වාසි ගන්න කියන බොරු.
අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා කියයි.


විජේදාස රාජපක්ෂ ඔයා ජවිපේ ගැන දැනගෙන වැඩ කරන්න,
මහින්ද එක්ක හැප්පුණු අපිට ඔයා හුණු පැටියෙක්,
මම කියන දේ ගැන වගකිම ගන්නවා,
ඇවන්ගාර්ඩ් මුදලාලි එක්ක මට වාදයක් නැ..
ජවිපේ නායක අනුර කුමාර දිසානායක.

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා විදේශගතව සිටියදි අනුර කුමාර මහතාට පිළිතුරු දෙමින් නිකුත්කල විඩියෝව:

මම කනගාටු වෙනවා අනුර කුමාර වගේ පක්‍ෂයක නායකයෙක්‌ යෑයි කියන පුද්ගලයකු මේ කාරණය පිළිබඳව අනවබෝධයෙන් වගකීමකින් තොරව මෙම ප්‍රකාශය කිරීම පිළිබඳව.
තමා රටින් බැහැරව සිටින අවස්‌ථාවේදී ඇවන්ගාඩ් අවි නැව සම්බන්ධ සිද්ධිය යටගහන්නට තමා සම්බන්ධ වී ඇති බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා ඇති බවත් ඉදිරි මහ මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණේ බංකොලොත් බව ඒ අයට තේරෙන බැවින් ආසන කීපයක්‌ රැකගැනීමට එ.ජා.ප.යට හා ශ්‍රී.ල.නි.ප.යට ප්‍රහාර එල්ල කරන්නට ජනතා විමුක්‌ති පෙරමුණ පටන්ගෙන ඇතැයි ද අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

කඩුවෙල පැවති උත්සවයක්‌ අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ ඇමැතිවරයා මේ අදහස් පල කර තිබේ.

ඇවන්ගාඩ් අවි ගනුදෙනුව නැත්නම් අවි නැව පිළිබඳව විමර්ශන යට ගහන්න මම සම්බන්ධ වී ඇති බවත් එය දූෂණවලට සහයෝගයක්‌ ලබාදීමක්‌ හැටියටත් අර්ථකථනය කර තිබෙනවා.

මා විසින් මැදිහත් වී ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ආපසු ලබාදුන්න බවත් එහි සඳහන් කර තිබෙනවා.

මේ කරුණු පිළිබඳ පරීක්‍ෂණය ශ්‍රී ලංකා පොලිසියත් නීතිපති දෙපාර්තමේන්තුවත් කරගෙන යනු ලබනවා. ඒ පිළිබඳව මගේ කිසිම මැදිහත්වීමක්‌ සිදුවෙලා නැහැ.

අමාත්‍යවරයා විදියට හා නීතිය පිළිබඳ කටයුතු කරන කෙනෙක්‌ විදියට අපගේ රජයේ බොහෝ දෙනෙක්‌ මගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කර තිබෙනවා.

තොරතුරු දැනගැනීමට අධ්‍යයනයක්‌ කරලා මම එළිකරලා තියෙනවා. එම පරීක්‍ෂණ යන අතරතුරේ ඇවන්ඩ්ගාඩ් සමාගමේ සභාපතිවරයා වෙනත් ගනුදෙනුවකට තවත් ගිවිසුමක්‌ අත්සන් කරන්න අප්‍රිකානු රටකට යන්නයි අධිකරණයෙන් එම විදේශ ගමන් බලපත්‍රය දින කීපයකට ලබා දීලා තියෙන්නේ. ගමන ගිහින් නැවත ලංකාවට ඇවිත් තියෙනවා.

මම තොරතුරු දැනගත් විධියට ඒ ගනුදෙනුවේ වටිනාකම රු. මිලියන 39,000 ක්‌ මේ ලංකාවට ගෙන ඒමට නියමිත මුදල්.

ජ.වි.පෙ. නායකයා පවසන ආකාරයට ඒවා ඔක්‌කොම දූෂණ ගනුදෙනු විධියට අර්ථ නිරූපනය කරන්න හදනවා.

මම කනගාටුවෙනවා මෙම දූෂණ විතරක්‌ නිසා නෙවෙයි මෙම රට අභාග්‍යසම්පන්න තත්ත්වයට පත් වුණේ. ජ.වි. පෙරමුණ අයගේ ක්‍රියාකාරකම් නිසාත් මේ රට අභාග්‍යසම්පන්න තත්ත්වයට පත් වුණා.

අපිට මතකයි පසුගිය කාලයේ ලංගම බස්‌රථ 400 ක්‌ පමණ ගිනි තිබ්බා. ට්‍රාන්ස්‌ෆොමර් සියල්ල ගිනි තිබ්බා. කර්මාන්ත ශාලා 30-40 ක්‌ ගිනි තිබ්බා. වතු අධිකාරිවරුන් අමු අමුවේ කපා කොටා ඝාතනය කළා. රටේ මිනිස්‌සු මරලා ඝාතනය කරපු යුගයේ වෙච්ච දේවලුත් අපට සිහිපත් කරන්න වෙනවා.

මේ අභූත චෝදනා ඉදිරිපත් කරන නිසා අපි දන්නවා මෙතන තියෙන්නේ යටි අරමුණක්‌.

පසුගිය වකවානුවේදී ඒ අයට මාතෘකාවක්‌ සොයා ගන්න බැරි වුණ නිසා මහින්දගේ ආණ්‌ඩුව දූෂිතයි කියලා ප්‍රචාරය කරගෙන යමින් ඔවුන්ගේ දේශපාලන කටයුතු කරගෙන ගියා.

මෛත්‍රීපාල මහතා ජනාධිපතිවරයා වුණ මැතිවරණයේදී එක වේදිකාවකටවත් ජ.වි. පෙරමුණේ අය නැග්ගේ නැහැ පිටින් ඉඳලා පෝස්‌ටරයක්‌ ගසා තිබෙනවා. ඒ අයගේ දෙබිඩි පිළිවෙත වුණේ බැරිවෙලාවත් මෛත්‍රීපාල පැරදුනා නම් ඔවුන් කියනවා ජ.වි.පෙ. ඔහුට සහය නොදුන් නිසයි එය වුණේ කියලා. එක පෝස්‌ටරයක්‌ ගහපු නිසා දැන් කියනවා ඒක නිසා තමයි මෛත්‍රීපාල ජනාධිපතිවරයා බවට පත්වුණේ කියලා.

ඉදිරියට පැවැත්වෙන මැතිවරණයේදී ජ.වි.පෙ. බංකොලොත් බව ඒ අයට තේරෙනවා. පක්‍ෂයේ බොහෝ දෙනෙක්‌ පක්‍ෂය අතහැර ගොස්‌ පෙරටුගාමින් විධියට තව කොටසක්‌ ප්‍රබල වෙමින් තිබෙනවා.

ආසනයක්‌ දෙකක්‌ රැකගැනීමට ශ්‍රී.ල.නි.පය ටත් අලුතෙන් එ.ජා.ප. ටත් ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රතිපත්තියකට ජ.වි.පෙ. අනුගත වෙලා තිබෙනවා.

මේ රජයේ සුවිශේෂ වූ යමක්‌ කරන අය ඉලක්‌ක කර මේ ප්‍රහාර දීමේ පහත් ප්‍රතිපත්තියක්‌ අනුර කුමාර අනුගමනය කරනවා.

ඔහු පවසන පරිදි ඔහුගේ ප්‍රකාශය පිළිබඳව මාගේ කුමන හෝ බලපෑමක්‌ සිද්ධ වුණා කියලා මම ඔහුට අභියෝග කරනවා. ලංකාවේ ඕනෑම රූපවාහිනි මාධ්‍යයක සජීවී විවාදයකට එන්න කියලා මම පැහැදිලිව ඔප්පු කරනවා කවුද දූෂිතයා කියලා.

ඇවන්ගාර්ඩ් අවි ගනුදෙණු රටට වාසියක් නොවුන දුෂිත ගණු දෙනු බවත්,වත්මන් යහපාලන රජයේ ඇමතිවරු සහ නිලධාරින්ද මෙයට සම්බන්ධවි පරික්ෂණ යටපත් කරන බවට මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා චොදනා කරයි. අදාල සිදුවිම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දැක්වු අදහස් සහිත විඩියෝවක් අනුර කුමාර මහතා තම ෆේස් බුක් ගිණුමට එක්කර තිබුනේ අධිකරණ අමාත්‍යවරයාට අභියෝගයක්ද එල්ල කරමිනි.

(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

3212141241242

තවත් අවස්ථාවක ජවිපේ නායක අනුර කුමාර දිසානායක ඇවන්ගාර්ඩ් අවි ගනුදෙණු සමබන්ධයෙන් සිදුවන පරික්ෂණ පිළිබදව තම අදහස් පලකල අයුරු.ඇවන්ගාර්ඩ් හිමිකරු කල විවාදය පිළිබදව අභියෝගය ගැන අදහස් දක්වමින්.