ශෂිත් එලියට;ඇප දෙන්න රහස් පොලිසිය විරුද්ධ නොවේ.

231313413131313

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට ඇප ලබාදීමට අධිකරණය විසින් තීරණය කර තිබේ.

අදාළ නඩුව අද(27) කැඳවමින් රහස් පොලීසිය විසින් සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් ඇය අසනීප තත්ත්වයකින් පසුවන බැවින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

එම අවස්ථාවේදී ඒ පිළිබඳ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලීසියේ අදහස කුමක්දැයි විමසූ බවත්,රහස් පොලීසිය වෙනුවෙන් පෙනීසිටි නියෝජිතයින් අධිකරණය විසින් සුදුසු තීරණයක් ගැනීම සම්බන්ධයෙන් තමාගේ විරෝධයක් නොමැති බව අධිකරණයට දැන්වීමෙන් පසු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට රු.15,000 ක මුදල් ඇපයක් හා රු.ලක්ෂ 5ක පුද්ගලික ඇපයක් මත නිදහස් කිරීමට තීරණය කර තිබේ.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත්, සෑම මසකම වරක් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා හමුව‍ට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කළ බව ද වාර්තා වේ.