පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු මැතිවරණය අවලංගුයි.

Sri Lanka Police

මුලතිව්, පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශිය සභාවල මැතිවරණය හෙට නොපවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

මැතිවරණයට එරෙහිව ඊට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොණුකර තිබෙනවා. ඒ අනුව මාර්තු මස 27 වන දින දක්වා මැතිවරණය පැවැත්වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළා. එම නිසා හෙට දිනයේදී මැතිවරණය නොපවත්වන බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළේ.