විමල්ගේ බිරිය ලබන 4 තෙක්‌ යළි රිමාන්ඩ්,විමලුත් වෙනස් කරලද? මෙන්න සාක්ෂි.


313131313131313

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක්‌ ලබාගැනීම හා ගමන් බලපත්‍ර දෙකක්‌ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඉදිකිරීම් හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ ලබන මාර්තු මස 04 දා තෙක්‌ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (25 දා) නියෝග කළේය.

සැකකාරියට එරෙහි පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්‌වමින් කරනු ලැබූ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිළිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාරිය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඇය වෙනුවෙන් නීතිඥ කණ්‌ඩායමක්‌ සමග ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා දීර්ඝ කරුණු දැක්‌වීමක්‌ කරනු ලැබුවේය.

සැකකාරිය ලබාගෙන ඇති ජාතික හැඳුනුම්පත් දෙකට අදාළ ලිපි ගොනු පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බවට දන්වා සිටි මහෙස්‌ත්‍රාත්වරයා එම ලිපි ගොනු ලබන 04 දා ඉදිරිපත් කරන ලෙසත් එදින තෙක්‌ සැකකාරිය රක්‍ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසත් නියෝග කළේය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා සිය වයස වෙනස් කර ඇතැයි පලවන මධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

ඔහුගේ දරු දෙදෙනාගේ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා උපන් අවස්ථාවල කටයුතු කර ඇත්තේ බිරිඳගේ මව විසින් වන අතර එහිදී සහතිකවල සිදුව ඇති මෙම දෝෂය 2008 දෙසැම්බර් මස 01 වන දින සහකාර රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා මගින් මෙය නිවැරදි කර තිබේ.

මෙම නිවැරදි කිරීම ඔහුගේ දරු දෙදෙනාගේ උප්පැන්න සහතිකවල පැහැදිලිව දක්නට තිබේ.

විරවංශ මහතාගේ උපන් දිනය වන්නේ 1970 මාර්තු හත්වන දිනයි. එහෙත් ඔහුගේ නැන්දනිය විසින් දරු උපත් ලියාපදිංචි කර ඇත්තේ 1965 ලෙස යොදමිනි.

පහතින් දැක්වෙන්නේ වීරවංශ මහතාගේ දරු දෙදෙනාගේ උප්පැන්න සහතක වන අතර සහකාර රෙජ්ස්ට‍්‍රාර් ජනරාල්වරයා විසින් කරන ලද නිවරදි කිරීමද එහි දැක්වෙයි.

(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

10403320_709860589131764_7489284515558392335_n 10615407_709860612465095_4735745748118746225_n