වකුගඩු රෝගයෙන් සමාජය මුදා ගන්නවා; ජනාධිපති

President of Sri Lanka Maithripala Sirisena

අනුරාධපුර පොළොන්නරුව ප‍්‍රදේශවල පමණක් නොව දීප ව්‍යාප්තව පැතිර යමින් රටටම අභියෝගයක් වී ඇති වකුගඩු රෝගයෙන් සමාජය  මුදා ගැනීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

රට තුලට ගෙන එන කෘෂි රසායන ද්‍රව්‍යයන් නිසි ප‍්‍රමිතියකින් යුතුව පමණක් ගෙන්වීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිිටියේ. සුදුසු දේ තෝරා ගැනීමටත් නුසුදුසු දේ ප‍්‍රතික්ෂේප කිරීමටත් පැහැදිලි තීන්දු තීරණවලට එළඹෙන බවත් බහුජාතික සමාගම්වලට යටටවීමට තමා කිසිසේත් සුදානම් නොමැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. හෙතෙම මෙම අදහස් පළ කළේ පදවිය මහසෙන්පුර විදුහලේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයකදියි. ‘‘දින සියයේ වැඩපිළිවෙලට සමගාමීව වකුගඩු රෝගයේ හේතුකාරක පිටුදැකීම’’ මැයෙන් මෙම උත්සවය සංවධිධාන කර තිබුණා.

උතුරුමැද පළාතේ රෝහල් සඳහා රුධිර කාන්දු යන්ත‍්‍ර ප‍්‍රධානය කිරීම, සෞඛ්‍ය සේවා රථ සහ රසායනික උපකරණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරුණා. කෘෂිකාර්මික කටයුතුවලදී කාබනික පොහොර සඳහා මූලිකත්වය ලබාදීමේ වැදගත්කම ද පෙන්වා දුන් ජනාධිපතිවරයා පාරම්පරික සිරිත් විරිත් සහ ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් කෘෂි අස්වනු වැඩි කිරීමට කටයුතු කළ යුතු බවද මෙහිදී පෙන්වා දුන්නා.