විමල්ගේ බිරිද අල්ලයි;විමලුත් අද රහස් පොලිසියේ

Capture

හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී අත්අඩංගුවට ගත් බව අද (23) අධිකරණයේදී රහස් පොලීසිය ප්‍රකාශ කළේය.

ඇය අසනීපයෙන් පසුවන බව පවසා ඇති හෙයින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු තත්ත්වයක සිටීදැයි අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පරීක්ෂණයක් කිරීමට අවසර දෙන්නැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් අවසර ඉල්ලා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ ඇය අත්අඩංගුවට ගෙන 24 පැයක් ගත වී නැති හෙයින් අධිකරණ වෛද්‍ය නිලධරයකු ලවා පරීක්ෂණයක් අවශ්‍ය නම් රහස් පොලිසියට එය කළ හැකි බවයි.

 මේ අතර හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (22) පෙරවරු 10.05ට නීතීඥවරුන් දෙදෙනකු ද සමඟ රහස් පොලිසියට පැමිණි තිබුනා. එහිදි මාධ්‍ය අමතමින් ඒ මහතා අදහස් පල කලා.

මේක කළු කොටින්ට නිදහස් දවසේ නිදහස ලැබෙන, කොටි ත්‍රස්තවාදය ඉවර කරපු නායකයින්ට, ඒ වෙනුවෙන් කැපවුණු මිනිසුන්ට සහ ඔවුන්ගේ දරු පවුල්වලට හිරගෙවල් ලැබෙන යුගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

උදාවී ඇති වෙනස එය බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් කට උත්තරයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.

2011 වසරේ කරන ලද පැමිණිල්ලකට අනුව තමාට කරන ලද දැනුම්දීමක් හේතුවෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයට කටඋත්තරයක් ලබාදුන් බවත්, ඇතැම්විට ඉදිරියේදී යළි වරක් කැඳවන්නට ඉඩ ඇති බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

චෝදනාව අදාළ වන්නේ ‘අයුතු ජන රාශියට’විය හැකි බවත්, පෙළපාලියක් යාම හේතුවී ඇති බවත් ඔහු කියා සිටියේය.

තමාට ගොනු කර ඇති පැමිණිල්ලත්, තම බිරිඳට ගොනු කර ඇති පැමිණිල්ලත් වෙන වෙනම චෝදනා වලට අදාළ බවත්, ඉදිරියේදී තම දරුවන්ටත් වෙනම පැමිණිලි ඉදිරිපත්වේද නොදන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බිරිඳට ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කළ බවට එල්ල කර ඇති චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ඒ බව ඉදිරියේදී අධිකරණයේදී ඔප්පු කර පෙන්වන බවත් මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් වීරවංශ මහතා අවධාරණය කළේය.

පසුගිය 18 වන දින නුගේගොඩ පැවති රැස්වීමෙන් පසු බොහෝ දෙනෙකුගේ හෘද ස්පන්දන වේගය වැඩිවී ඇති බවත්, එය වැඩිවෙන තරමට තමන් සී.අයි.ඩීයට හෝ උසාවියට කැඳවන වාර ගණන වැඩිවිය හැකි බවත් ඔහු සිහිපත් කළේය.

‍කෙසේ වුවද මෙවැනි කටයුතු මගින් තම දේශපාලන ගමන නැවැත්විය හැකි යයි කෙනෙකු විශ්වාස කරන්නේනම් එය අමු මුලාවක් බවද , ප්‍රතිපත්ති මත පිහිටා ඇති තම දේශපාලන ගමන ඒ ආකාරයෙන්ම ඉදිරියට ගමන් කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර තම බිරිද අතඩන්ගුවට ගැනිම පිළිබදව සංවෙදි ඡායාරුපයක් විමල් විරවන්ශ මහතාගේ ෆෙස් බුක් පිටුවේ පල කර තිබුනා.

1559655_709246725859817_454512286172068527_n