බස් අනතුරින් මගීන් රැසකට තුවාලයි

Bus-Accident

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා  ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  පවසයි.

කෑගල්ල සිට කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් දිගම්පතහ නාවික හමුදා කඳවුර ඉදිරිපිට දී වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී පාරෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව  ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් තුවාල ලැබූවන් 38 දෙනෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත..

අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.