NGO කෙලිට නුගේගොඩදි කෙලී.

Kelly Senanayake

යක්ෂාගමනයට පෙර විමල් වීරවංශ හා වාසුදේවට ප්‍රශ්න කිහිපයක්’ යනුවෙන් සඳහන් අත්පත්‍රිකා බෙදමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අද (18දා) පෙරවරුවේදී නුගේගොඩ නගරයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මේ පිළිබඳව මිරිහාන දූෂණ මර්දන ඒකකයට පැමිණිලි කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ කෙලී සේනානායක මහතා ප්‍රකාශ කළේය.

අද පෙරවරු 9.30 ට පමණ නුගේගොඩ බෝගහ හන්දිය අසලදී ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් පිරිසක් පැමිණ අත්පත්‍රිකා උදුරාගෙන පරහදීම් සිදුකළ බව සේනානායක චෝදනා කර තිබේ.

කෙලී සේනානායක මහතා 1968දී ජනතා විමුක්ති පෙරමුණට එක්ව 71 කැරැල්ලේ 26වන චුදිතයා ලෙස නඩුවට මුහුණ දි තිබේ. 1978දි ජවිපෙන් ඉවත්වු කෙලි මේ වන විට NGO ව්‍යාපාරයක් හා සම්බන්ධව සිටින බව වාර්ථා වේ.