රට පුරා විදුලි සේවක වර්ජනයක් ඇරඹේ.

Electricity _1_0_0_0_0_0_0_1_6_0_0_0_1_0_0_0_0_0_0
රටපුරා විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණ උද්ඝෝෂණයක නිරත වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ  පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් වැඩිකිරීමේ දී සිදුව ඇතැයි කියන වංචාවකට විරෝධය පළ කිරීම ඔවුන්ගේ අපේක්‍ෂාවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිට දහවල් 12ට අදාල උද්ඝෝෂණය ආරම්භ වනවා. කෙසේවෙතත් මෙම උද්ඝෝෂණය හේතුවෙන් සේවා බිඳ වැටීමක් සිදු නොවන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා සදහන් කර තිබේ.