ප්‍රභාකරන් පිම්බු Front Line නිදහස් කරයි.

44444444444

රේගුව මගින් රඳවා ගෙන තිබූ ‘ෆ්‍රන්ට්ලයින්’ (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.  ‘ෆ්‍රන්ට්ලයින්’ සඟරාවේ 30 වැනි කලාපය මෙලෙස රඳවා ගැනීමට හේතුවූයේ 1987 සැප්තැම්බර් මස වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ කළ සාකච්ඡාවක් නැවත පලකර තිබීම හේතුවෙනි.

මේ පිලිබද අදහස් දක්වා ඇති ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ “ෆ්‍රන්ට්ලයින්’ සඟරාව ශ්‍රී ලංකාවේ තහනම් කිරීමක් සිදුවෙලා නැහැ. ඒත් මෙරට ජාතික ආරක්ෂාවට අදාළ කරුණු කිහිපයක් මුල්කරගෙන රේගුව මගින් එම සඟරා තොගය රඳවාගෙන තිබෙනවා. එවැනි සැකයක් ඇතිවුණාම රේගුව එසේ කිරීම සාමාන්‍ය සිරිතක්.  ජනමාධ්‍ය අමාත්‍යංශයත්, ආරක්ෂක අමාත්‍යංශයත් එක්ව සිදුකෙරෙන විමර්ශනයක් දැන් පැවැත්වෙනවා. එම විමර්ශන කටයුතු අවසන් වූ විගස එකී සඟරා තොගය වෙළඳ‍පොළට නිකුත් කරාවි.” යනුවෙනි