නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් රැළියට? සජීවිව නැරඹිමට පිවිසෙන්න.

“මහින්ද සමග රට දිනවීමට ඔබ සුදානම් ද?” යන මැයෙන් අද නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් ද සහභාගි වනු ඇතැයි වාර්තාවනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ කියා සිටියේ තමා රැළියට සහභාගි වීමට මුල සිටම තීරණය කර තිබු බවයි.කෙනෙකු අද පැවැත්වෙන රැළියට සහභාගි වනවා නම් එය නතර කිරීමට හැකියාවක් නොමැති බවද ඒ මහතා සදහන් කර තිබුනා.එසේම කැමැති අයෙකුට රැස්‌වීමට යාහැකි බව ශ්‍රී. ල. නි. ප. ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතාද සදහන් කර තිබේ. ඕනෑම කෙනෙකුට රැස්‌වීමකට යැමේ අයිතියක්‌ ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

අද පස්වරු 03.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් පීඨයේ දී රැළිය පැවැත්වීමට නියමිතයි. හිටපු අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් මෙම රැළිය සංවිධාන කර තිබෙනවා.

එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවද ඔහු පැවසුවා. අද පස්වරු 03.00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් පීඨයේ දී රැළිය පැවැත්වීමට නියමිතයි. හිටපු අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් මෙම රැළිය සංවිධාන කර තිබෙනවා.