ධීවර විරෝධතාවයක් ඇරඹේ.

fish_b1

මාගල්ල ධීවර සංස්ථාවේ කළමනාකරුට ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පළ කර මේවන විට ධීවරයින් විශාල පිරිසක්  ගාල්ල  – කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් මාගල්ල ධීවර සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ධීවර කළමනාකාරවරයාට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා සුළුපන්න, එක්දින හා බහුදින යාත්‍රා ධීවරයින් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වන අතර මේ නිසා මාර්ගයේ ගමනා ගමන කටයුතු අවහිර වී ඇති බව ද සදහන්.