දෙමළ මන්ත්‍රි දණ ගස්වා පහරදුන් තෙවරප්පෙරුම එලියට.

palitha Thewarapperuma

මතුගම, අගලවත්ත නගරයේදී සන්ධාන මන්ත්‍රීවරයෙකු දණ ගැස්වීමේ චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කර සිටි  එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට අද ඇප ලබාදී තිබේ.

රුපියල් 50,000 බැගින් ශරීර ඇප 2ක්ද, එසේම සැකකරු‍ගේ විදේශ ගමන් බලපත්‍රය උසාවියට බාරදෙන ලෙසට ද නියෝග කර ඇත.

එසේම මීළඟ නඩු විභාගය  ලබන අප්‍රේල් මස 28 වැනිදාට නියම කෙරිණ.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට  ඉදිරිපත් කර තිබුණි.