හැමෝම එන්න;ගම්මන්පිල,පක්ෂේ නිසා මට එන්න බැ; බන්දුල,අපි එනවා පළාත් මන්ත්‍රින් 40ක්.

10934065_866396656754653_1457673439964734697_n

නුගේගොඩ නගරයේ හෙට පැවැත්වෙන රැළිය සඳහා සහභාගි වන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ සියලූ පාර්ශ්වවලට විවෘතව ආරාධනයක් කර ඇති බව උදය ගම්මන්පිල මහතා පවසයි.හිටපු ජනපතිතුමන් මේ රැලිය සදහා සහභාගි වන නොවන බව තමන්ට පැවසිය නොහැකි බව ගම්මන්පිල මහතා සදහන් කර තිබේ.හෙට පැවැත්වෙන රැළිය පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

අපි කරේ හැමෝටම පොදු ආරාධනාවක්. අපි කතාකරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දුන්න ලක්ෂ 58ක් වන ජනතාවට පෝස්ටර් මගින්, පත්‍රිකා මගින, ජනමාධ්‍ය මගින් විවෘත්ත ආරාධනාවක් කරලා  තියෙනවා.අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා එනවා කියලා නෙමෙයි මේ රැස්වීම සංවිධානය කරලා තියෙන්නේ. කොතනකවත් කියලා නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවෙන්න මේ රැස්වීමට එන්න කියලා, අපි කියලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දීපු අය එතුමාට තියෙන කැමැත්ත පෙන්නන්න, එතුමාව අගමැති අපේක්ෂකයා කරන්න කියලා සන්ධානයේ නායකයන්ට බල කරන්න මේ රැස්වීමට එන්න කියලා.

හිටපු ජනාධිපතිවරයා අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වයට ගෙන ඒම ඔහුගේ චරිතයට සිදුකරන හානියක් බව ඇතැම් පාර්ශ්වවල මතයයි. ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී උදය ගම්මන්පිල මහතා සදහන් කර තිබෙන්නේ, එම තීරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා කිසිසේත් හෑල්ලූවකට ලක් නොවන බවයි. ඔහු තරග වැදීමට නියමිතව ඇත්තේ වැඩිබලයක් සහිත අග‍්‍රාමාත්‍යධූරයකට බවයි උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඇත්තෙන්ම ඒ වෙනුවෙන් ලෝකයේ පුර්වාදර්ශ තියෙනවා. ඇත්තටම අපි දැක්කා ලංකාව වගේ පුංචි රටක නෙමෙයි ලෝකයේ ලොකුම රට රුසියාවේ මහා බලගතු ජනාධිපති ධූරය දැරූ ලැඩිමීර් පූටින් අගමැති ධූරයට ඊට පස්සේ තරඟ කරා. ඒක ජනාධිපති ධූරයට වඩා බලතල අඩු ධූරයක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා තරඟ කරන්නේ ජනාධිපති බලතල තියෙන අගමැති ධූරයකට. මොකද මීළඟ ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ජනාධිපති බලතල හිමිවෙන්නේ අගමැතිවරයාට. ඒ නිසා එතුමාගේ බලතල අඩුවෙන්නේ නැහැ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස මහ මැතිවරණයේදී ඉදිරිපත් කළ යුතු යෑයි හෙට (18 වැනිදා) නුගේගොඩ නගරයේදී පැවැත්වෙන රැස්‌වීමට බස්‌නාහිර පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක්‌ සහභාගි වීමට ඊයේ (16 වැනිදා) තීරණය කර ඇත.

බස්‌නාහිර පළාත් සභා ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16 වැනිදා) රාත්‍රි ශාවස්‌තියේ පැවැති ආණ්‌ඩු පක්‍ෂ කණ්‌ඩායමේ රැස්‌වීම අවස්‌ථාවේ නුගේගොඩ රැස්‌වීමට සහභාගි වනවාද? නැද්ද? යන්න දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එහිදී එකඟතාවකට පැමිණීමට නොහැකිවූ පසුව නැවත මන්ත්‍රීවරුන් රැස්‌වී ඉන් බහුතරයක්‌ නුගේගොඩ රැස්‌වීමට සහභාගි වීමට තීරණය කර ඇත. බස්‌නාහිර පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් 56 දෙනකු සිටින අතර ඊයේ (18 වැනිදා) පැවැති රැස්‌වීමට මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ සහභාගි වී ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා යළි දේශපාලනයට ගෙන ඒමේ අරමුණින් නුගේගොඩ නගරයේ දී හෙට පැවැත්වෙන රැළියට තමන් සහභාගි නොවන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගත් තීරණය අනුව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එහෙත් එම රැළියට සහභාගි නොවන්නැයි කිසිවෙකුගෙන් හෝ ඉල්ලා සිටිමට හැකියාවක් නොමැති බවයි බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණයක් නොගත්තේ නම් තමන් අනිවාර්යෙන්ම ඊට සහභාගි වන බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.