රක්නා ලංකා පඩි නොගෙවිම වංචාවක්;අන්තර් සමාගම් සේවක සංගමයෙන් චොදනා.

rakna lanka

රක්නා ලංකා සමාගම මගින් ජාත්‍යන්තර මුහුදේ ආරක්‍ෂක සේවාවන් සඳහා නැව්සමාගම් වල සේවයේ යොදවා ඇති මුහුදු ආරක්‍ෂක නිලධාරින්ගේ ජනවාරි මස වැටුප මේවනවිටත් ගෙවා නොමැති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කරමින් කම්කරු හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ගරු කම්කරු හා අධිකරණ අමාත්‍ය
විජේදාස රාජපක්‍ෂ මැතිතුමා
කම්කරු අමාත්‍යාංශය,
කොළඹ 05.

මැතිතුමනි,

රක්නා ලංකා ආරක්‍ෂක සේවා සමාගම විසින් මුහුදු ආරක්‍ෂක නිලධාරින්ගේ වැටුප් නොගෙවීම සම්බන්ධවයි

රක්නාලංකා සමාගම මගින් ජාත්‍යන්තර මුහුදේ ආරක්‍ෂක සේවාවන් සඳහා නැව් සමාගම් වලසේවයේ යොදවා ඇති මුහුදු ආරක්‍ෂක නිලධාරින්ගේ ජනවාරි මස වැටුප මේ වනවිටත්ගෙවා නොමැත.
අදාල නිලධාරින් ජාත්‍යන්තර මුහුදේ ආරක්‍ෂකසේවාවන් වල මේ වනවිටත් නියැලී සිටින අතර තවත් නිලධාරින් සංඛ්‍යාවක් රාජකාරිඅවසන් කර දිවයිනට පැමිණි ඇත. එම නිලධාරින්ගේ ද ජනවාරි මස වැටුප මෙතෙක්ගෙවා නොමැති අතර ඔවුන් සේවය කරන නැව් සමාගම් වල නියෝජිතයින් විසින් අදාළසේවකයන්ගේ වැටුප රක්නා ලංකා සමාගමට ගෙවා ඇති බව ඔවුන් විසින් දැනුම් දී ඇත.
මෙලෙසසේවක වැටුප් රඳවා තබාගනිමින් සිටීම වංචා සහගත බැවින් එම සේවකයින්ගේ වැටුප්වහාම ගෙවා දැමීමට මැදිහත් වන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට
අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන්,
වසන්ත සමරසිංහ සභාපති
අන්තර්සමාගම් සේවක සංගමය
උතුරුමැද පළාත් සභා මන්තී‍්‍ර