යුධ අපරාධ චෝදනා වලින් පැන යන්න දෙන්නෙ නැ; ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය.

1200x627_facebook_generic_yellow

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාද කිරීම  චෝදනාලත් පාර්ශවයන්ට ඉන් පළායෑමට  ඉඩ සැලැස්වීමක් නොවන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන පවසයි.

මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව ශ්‍රී ලංකාව යුත්තිය අපේක්ෂා කරන බවත්, ලිංගික අපචාර ඇතුළු වධ හිංසා මගින් දිවි ගලවාගත් අය මෙන්ම   අතුරුදහන් කරන ලද පුද්ගලයින්ගේ පවුලේ උදවිය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම වාර්තාව එනතුරු බලා සිටි බවත්, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ආසියා- පැසිෆික් අධ්‍යක්ෂ රිචඩ් බෙනඩ් මහතා කියයි.

ප්‍රමාදය සාධාරණීකරණය  කළ හැකි නමුත් එම ප්‍රමාදය පවා‍ ශක්තිමත් වාර්තාවක් සකස් කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව  ගැටුම් පැවති කාලයේදී සිදුවු අපරාධ වලට  සම්බන්ධ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට  ශ්‍රී ලංකා රජය  එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන්  ක්‍රියා කළ යුතු බව ඔහු  සඳහන් කරයි.

එසේම  මීට අදාළව සාක්ෂි ලබා දෙන පුද්ගලයින්ගේ ආරක්ෂාව  තහවුරු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය  දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ යුතු බවද  හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් කල් තැබීමට  ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා තීරණය කළ බව ඊයේ වාර්තා විය.