මහා ශිව රාත්‍රි දිනයට ජනපති,අගමැති,විපක්ෂනායක සුබ පතයි.

3333333333333333

ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත‍්‍රි දිනය සමරනවා. ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි  දිනක සිදුවු බව හින්දු භක්තියකයින්ගේ විශ්වාසයයි. ශිව දෙවියන්ට විශේෂ පූජා පැවැත්වීම යාඥා කිරීම හා දේව ස්ත්‍රෝත ගායනා කිරීම ශිව රාත‍්‍රීය පුරා ඉමහත් භක්තියකින් නිදිවැරීම තුළින් යහපත් ජීවිත පරිවර්ථනයකට යොමුවන බවද හින්දු භක්තිකයින්ගේ විශ්වාසය වනවා.

මහා ශිවරාත්‍රී උත්සවයේදී පහන් දැල්වීම තුළින් දැනුමේ ආලෝකයෙන් හා අවබෝධයෙන් තම ජීවිතවලින් මොහඳුර පලවා හැරීමට මනුෂ්‍යයන් ගන්නා නිත්‍ය උත්සාහය සංකේතවත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා ශිවරාත්‍රී උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

‍එම පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි.

ශිව දෙවියන්ට පූජෝපහාර කිරීම සැමරනෙ මහා ශිවරාත්‍රී උත්සවය දින ලොව පුරා සිටින තම සහෝදර හින්දු ලබ්ධිකයන් සමඟ එක්වන ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන්ට මා මේ සුබ පැතුම් පණිවුඩය එවන්නේ ඉමහත් සතුටිනි.

ආදි කල්පික නිර්මාණය හා විශ්ව ආරක්ෂණය සමරන ශිව දෙවියන්ගේ කාන්දව නොහොත් විශ්ව නර්තනය දැක්වීම මෙදින සිදු වූ බවට ඇති හින්දු ජනතාවගේ විශ්වාසය නිසා මෙම උත්සවයට සුවිශේෂ වැදගත්කමක් ලැබී තිබේ.

තම පූජනීය ස්ථානයන්හි උපවාසය කිරීම හා ශිවරාත්‍රිය පුරා භක්තියෙන් නිදි වැරීම, පහන් දැල්වීම, ශිව දෙවියන්ට විශේෂ පූජා පැවැත්වීම, ඔහුට බුහුමන් දැක්වීමට යාඥා කිරීම හා දේව ස්තෝත්‍ර ගායනා කිරීම මේ පූජනීය දිනයේ ඉටු කරන පිළිවෙත් වෙයි.

දැනුමේ ආලෝකයෙන් හා අවබෝධයෙන් ‍තම ජීවිතවලින් මොහඳුර පලවා හැරීමට මනුෂ්‍යයන් ගන්නා නිත්‍ය උත්සාහය මේ උත්සවයේ විශේෂ අංගයක් වන පහන් දැල්වීම තුළින් සංකේතවත් වේ.

ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන් අප සමාජයේ සියලු ප්‍රජාවන් සමඟ මිත්‍රත්වයෙන් හා සමගියෙන් වාසය කිරීමේ දිගු කාලීන සම්ප්‍රදාය හේතුවෙන් මේ උත්සවයේ නියම අරුත සොයා ගැනීමට සමගිය හා අවබෝධය තුළින් වඩා ශක්තියක් ලැබෙනු ඇත. මහා ශිවරාත්‍රියේ ආශිර්වාදයෙන් සියලු ශ්‍රී ලාංකික හින්දු භක්තිකයන්ට වඩා හොඳ හෙටක් උදා වී ඔවුන්ගේ අභිලාෂයන් ඉටු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නිකුත් කළ සුභ පැතුම් පණිවුඩයක දැක්වෙන්නේ අප රට නව දේශපාලන සංස්කෘතියක් සහ ජාතීන් අතර සහෝදරාත්මක පිඹිදීමක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක පැවැත්වෙන මහා ශිවරාත‍්‍රී උත්සවය සංහිඳියාවේ ආලෝකයෙන් සහ අඳුර දුරුකරලීමේ පිළිඹිබුවක් දැකිය හැකි බවයි.

වෛරය, ක්‍රෝධය වෙනුවට දයාව හා කරුණවෙන් යුත් සමාජයක් බිහි කිරීම යුගයේ අවශ්‍යතාවක් වන බව මහා ශිවරාත‍්‍රී උත්සවය වෙනුවෙන් විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා නිකුත් කළ සුභ පැතුම් පණිවුඩයේ දැක්වෙනවා.