අපේක්‍ෂකත්වය භාර ගන්නා ලෙස මහින්දට බල කරනවා;මව්බිම උදෙසා කලාකරුවෝ කියයි.

1111111111111111111111
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කළ යුතු බව මව්බිම උදෙසා කලාකරුවෝ සංවිධානය පවසනවා. එහි සාමාජික ප‍්‍රවීන කලාකරු ලාල් කුලරත්න මහතා පැවසුවේ අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර ගන්නා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ද ඉල්ලා සිටින බවයි. කොළඹ පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එඩිතර නායකයෙක්‌ දැන් රටට අවශ්‍යවී තිබෙනවා. අද තිබෙන අභියෝග ජය ගැනීමට නම් ඊළඟ මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති අපේක්‌ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත්විය යුතු යෑයි රංගන ශිල්පී ලාල් කුලරත්න මහතා පැවැසීය.නායකයකු බිහිවන්නේ රටක අර්බුදයක්‌ පවතින අවස්‌ථාවකයි. සෝවියට්‌ දේශය, කියුබාව, චීනය වගේ රටවල එදා ලෙනින්, පිදෙල් කස්‌ත්‍රොඅ වැනි නායකයන් බිහිවූයේ අර්බුදයක්‌ තිබූ අවස්‌ථාවකයි. 2005 අප රටින් බිහිවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ එඩිතර නායකත්වය හා කැපවීම තුළ තිස්‌ වසරක්‌ පැවැති යුද්ධය නිමාකිරීමට හැකිවුණා. නමුත් ඡේ. ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, විඡේතුංග, රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට හා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියට බැරිවුණා. ඔවුන් අසාර්ථක වුණා. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතාට එය හැකිවුණා. නායකයකුට මෙවැනි අර්බුද ජයගැනීමට නම් දේවගති හා යක්‌ෂගති දෙකේ සම්මිශ්‍රණයක්‌ තිබිය යුතුයි. එයයි නියම නායකයකුගේ ස්‌වභාවය. ඒක මහින්ද රාජපක්‍ෂ මහතාට තිබුණා.

දැන් නැවතත් රට අර්බුදයකට පත්වෙලා. ජනාධිපතිවරණ කාලයේ අප කියූ දේ දැන් සිදුවීගෙන යනවා. උතුරු පළාතේ මහ ඇමැතිවරයා දැන් යෝජනාවක්‌ ගෙනැල්ලා තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේ අකුලාගෙන හිටිය කොටි වලිගය නැවත උස්‌සන්න පටන්ගෙන ඇති බවක්‌ දැන් පෙනෙන්න තියෙනවා. රට අද ලොකු අවුලකට ගිහින් දැන් යළි රටට එඩිතර නායකයකු අවශ්‍යයි. නායකත්වය හදන්න බෑ. සිරිමාවෝ මැතිනිය එඩිතර නායිකාවක්‌. එතුමියගෙන් පස්‌සේ බිහිවූ එකම එඩිතර නායකයා මහින්ද රාජපක්‍ෂ මහතායි. එතුමා තුළ වැනෙන සුළු ප්‍රතිපත්ති තිබුණේ නැහැ.

අද තිබෙන අර්බුදය ජය ගැනීමට ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති අපේක්‌ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත්කර රට දිනවන්න කටයුතු කරන ලෙස සන්ධානයෙන් ඉල්ලා සිටිනවා.

222222222222222222222222222222
මෙම මාධ්‍ය හමුවට එක්වු ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා පැවසුවේ එළඹෙන 18 වැනිදා නුගේගොඩ දී පැවැත්වෙන රැළියට ද සිය සංවිධානය සහය ලබා දෙන බවයි. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර ගන්නා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට බල කර සිටින බවද මධුමාධව අරවින්ද මහතා වැඩිදුරටත් සඳහන් කළා.

“දිනූ නිදහස අනතුරක ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු” යන මැයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා:-  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට 58 ලක්‍ෂයක්‌ ජනතාව ඡන්දය දී තිබෙනවා. මේ රටට ආදරය කරපු 58 ලක්‌ෂයක්‌වූ ජනතාව වෙනුවෙන් එතුමා පෙනී සිටින්න කියලා වැඳ නමස්‌කාර කර අපි ඉල්ලා සිස්ටිනවා. එයයි අපි 18 වැනිදා නුගේගොඩින් ආරම්භ කරන්නේ. එතුමා නායකත්වයට ඉදිරිපත් නොවුණොත් අපි මේ පිරිස අරගෙන පෙරහරින් මැදමුලනට යනවා.

444444444444444444444444444
රංගන ශිල්පී රොජර් සෙනවිරත්න මහතා:- මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දී ජනාධිපතිවූවාට පසු මෙතන ඉන්න කිසිම කලාකරුවෙක්‌ පෞද්ගලික ලාභ ප්‍රයෝජන ගන්න ගිහිල්ලා නෑ. නමුත් අපි එතුමා එක්‌ක ඉන්නවා. මහින්ද කියන්නේ නමක්‌ නොවෙයි රටක්‌. 18 වැනිදා නුගේගොඩදී කසකරුවෝ කසේ ගැහුවට පසු සෙනඟ පිරිවරාගෙන මැදමුලනට යනවා. අද රටට අවශ්‍ය වෙන නායකයෙක්‌ නොවෙයි මහින්ද රාජපක්‍ෂයි. රට ඉදිරියට ගෙනයැමට නම් සිංහයා ආපසු කැඳවිය යුතුයි. ඒ කැඳවීමේ පළමු වෙඩිමුරය හෙට නුගේගොඩින් තබනවා.

මාධ්‍යවේදීන් රොහාන් වැලිවිට, රංගන ශිල්පිනී ඕෂධී හේවා මද්දුම යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ කිහිප දෙනෙක්‌ද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.