ඉන්දු – ලංකා ජනපතිවරු හමුවෙයි.

33333333333333333
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉන්දියාවේ ජනාධිපති මන්දිරය වන රාස්ඨ‍්‍රපතිභවන් හිදි විශේෂ පිළිගැනීමේ උත්සවයක් අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී හමුදා උත්තමාචාරයක්ද පැවැත්වුණු බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි මහතා හමු වුණා. පස්වරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමගද සාකච්ඡා කිරීමට නියමිතයි.
ඉන්දියාවේ සිව් දින නිලසංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස ඊයේ(15)  පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ඒ අනුව ඊයේ පස්වරු 5.00ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස නවදිල්ලි නුවර ඉන්දරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඉන්දියාවට ‍පැමිණ තිබේ.

ඉන්දිය රජය වෙනුවෙන් එරට නායක නාවික ,මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය පී. රාධක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක් මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගෙන ඇත.

ඒ අනුව ඊයේ පස්වරුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාලයේ තැන්පත් කර ඇති අවලෝකිතේෂ්වර බෝධි සත්ව ප්‍රථිමාව නිරාවරණය කිරිම සඳහා සහ පුෂ්ප උපහාර දැක්විම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වුණි.

111111111111111111
මේ අතර අද දිනයේ ඉන්දිය ජනාධිපතිවරයා සහ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ඉන්දිය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය මුණගැසිමට නියමිතය.

2222222222222222222222
මිට අමතරව ජනාධිපතිවරයා ඉන්දිය ජාතික පෙරමුණේ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය ද මුණගැසි සාකච්ඡා කිරිමට නියමිත බව   වාර්තා වෙයි.

මේ අතර හෙට දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධගයා විහාරස්ථානය වැඳපුදා ගැනිමට නියමිතව තිබේ.

එසේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය තුළදී අවබෝධතා ගිවිසුම් රැසකට අත්සන් තැබිමට නියමිතය.

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ   සහයෝගිතාව ශක්තිමත් කිරිමේ අරමුණින් ඉන්දිය ජනරජයේ අධ්‍යාපන අමාත්‍යංශය හා මෙරට මහාමාර්ග උසස් අධ්‍යාපන හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය අතර නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටුවිම පිලිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට නියමිතය.

මිට අමතරව කෘෂි කාර්මික සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින  අවබෝධතා ගිවිසුමෙන් එකඟ වී ඇති පරිදි දෙපාර්ශවයේ එකඟතාව මත සහයෝගිතාව ප්‍රවර්ධනය කිරිම සඳහා ද්විපාර්ශ්වික ක්‍රියාකාරි සැලැස්මක් අත්සන් කොට ක්‍රියාවට නැංවිමට නියමිත බව වාර්තා වෙයි.