ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි.

1416626145_7313123_24newslanka_anura

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණාත්මක සාකච්ඡාවක් සඳහා අද රැස්වනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ මෙම සාකච්ඡාවේදී නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ද බොහෝ දුරට ඉඩ තිබෙන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා. පස්වරුවේ මාධ්‍ය හමුවක් ද කැඳවනු ලබන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේ. උණුසුම් ප්‍රවෘත්ති බොහෝමයක් එහිදී මාධ්‍ය වෙත ලබාදෙන බවද ඔහු කියා සිටියා.