ජනතාව ඉල්ලන්නේ මහින්ද: සන්ධාන හවුල් පක්ෂ කියයි.

10984033_702330096551480_7165210119662534317_n

ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කළ යුතු බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ 4ක නායකයින්  ප‍්‍රකාශ කළා. ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, පිවිතුරුහෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිළ එක්ව සිටියා.

10408654_702330209884802_3346000183326807724_n

තමන්ට ජාතික හෝ හවුල් ආණ්ඩුවක් අවශ්‍ය නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පවසයි.
ශ්‍රීලනිප නායකත්වය විසින් එජාපය ප්‍රමුඛ කර ගනිමින් එජාපයට අගමැතිකම ලබාදීමෙන් ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කරන තත්ත්වයක් පිළිබඳ මත පළවන බවත්, එළඹෙන මහ මැතිවරණයේදීද එජනිස හා එජාප වෙන වෙනම තරඟ කොට ආණ්ඩු පිහිටුවීමේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි විශ්වාසය තබන බවක් පෙනෙන්නට ඇති බවත් නානයක්කාර මහතා කියා සිටියි.

අධිකරණයේදී අගවිනිසුරු ඉවත්කිරීමේ ප්‍රශ්නයේදීත්, ජෝන් අමරතුංගට එරෙහි විශ්වාස භංග යෝජනාවේදීත් ශ්‍රීලනිපය සමග තම පක්ෂයත්,මහජන එක්සත් පෙරමුණ,ජාතික නිදහස් පෙරමුණ, ආදී පක්ෂත් එක් ස්ථාවරයක සිටියද, අයවැය ඉදිරිපත් කිරීමේදී ශ්‍රීලනිපය ඊට පක්ෂව ඡන්දය භාවිතා කරන්නට තීරණය කිරීමත් සමග තමන් ඇතුළු පිරිස එම ස්ථාවරයට එරෙහිව ක්‍රියාත්මකවූ බවත් ඔහු සඳහන් කළේය.

 

පාර්ලිමේන්තුවේ  බහුතරය මන්ත්‍රී බලයක් නොමැතිව අගමැතිවරයෙකු පත්කිරීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නැති බවත්, ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පස්ස දොරෙන් පත්වූ අගමැතිවරයෙකු බවත් නානයක්කාර මහතා මෙහිදි පවසා සිටියා.
ඉදිරි මහ මැතිවරණයේදී එජනිසයට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමිවුවහොත් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය එයින් පත්වී එජනිස ආණ්ඩුවක් පිහිටුවීම තම අපේක්ෂාව බවද ඔහු කියා සිටියේය.

එළඹෙන මහ මැතිවරණයේදී එජනිස මැතිවරණ ක්‍රියාවලියට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළත් විය යුතු බව තමාගේද අදහස බව නානයක්කාර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.