නාවික හමුදාව ඉන්දියන් බොට්ටු දැන් අල්ලන්නේ නැ. යාපනයෙන් චෝදනා.

trawlers in sea_ indian

පසුගිය කාලයේදී  නාවික හමුදාව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන්  වහාම ක්‍රියාත්මක වු බවත්, නමුත් පසුගිය සති කිහිපය තුළ  මුහුදු සීමා උල්ලංඝණය කළ  අදාළ ධීවරයින් සඳහා නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවත් යාපනය ප්‍රදේශයේ ධීවර සංගම් පවසා තිබේ.

ඒ අනුව ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා කිහිපයක් පසුගිය සති  දෙකක කාලය පුරා ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නියැලි සිටි බවද අදාළ ධීවර සංගම් සාමාජිකයින් ඉන්දීය මාධ්‍ය වෙත මෙලෙස  පවසා ඇත.ශ්‍රි ලාංකිය මත්ස්‍ය සම්පත ඉන්දියානු ධිවරයින්ට රිසේ සේ කොල්ල කැමට මෙමගින් ඉඩ හිමි වි තිබෙන බවට ඔවුන් චෝදනා කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වරණකුලසුරීය මහතා  සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නාවික හමුදාව වෙත කර නොමැති බවයි.