හෙට සිට පැය 30ක් වතුර නැ.

water_cut1

කොළඹ ප‍්‍රදේශ ගණනාවකට හෙට ජල සැපයුම සීමා කෙරෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹ 01, කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09, කොළඹ 10, කොළඹ 11, කොළඹ 12, කොළඹ 13 සහ කොළඹ 14 යන ප‍්‍රදේශවලට හෙට උදෑසන 9 සිට පසුදින සවස 3 දක්වා පැය 30ක් ජල සැපයුම අත්හිටුවන බවයි.

මීට අමතරව කොළඹ 04, කොළඹ 05 සහ කොළඹ 06 යන ප‍්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදු කෙරෙනු ඇති. මාලිගාකන්ද ජල තටාකයට ජල සැපයෙන ප‍්‍රධාන සම්පේ‍්‍රෂණ නලයක අත්‍යවශ්‍ය හදිසි අලූත්වැඩියාවක් මේ සඳහා හේතුවී තිබෙනවා.

අපහසුතා මගහරවා ගැනීම සඳහා කල්වේලා ඇතිව ජලය රැස්කර ගන්නා ලෙසයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.