වසා දමන බවට සහතික වු “වරාය නගරය” දිගටම.

131313131313

චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි‘ හෙවත් ‘වරාය නගරය‘ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මුහුද ගොඩකරමින් සිදුකළ එහි පාරිසරික තත්ත්ව සහතික වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂා කරන ලදුව එහි ගැටළුවක් නොමැති බව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය.

හෙතෙම මේ බව කියා සිටියේ අද(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

කලම්බෝ පෝට් සිටි ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළා. පසුගිය කැබිනට් එකේදීත් සාකච්ඡා කළා. එතකොට අග‍්‍රාමාත්‍යතුමා මේකේදී ඉදිරිපත් කළා කරුණක්, මේ පිළිබඳව පරිසර වාර්තාව, ඊ.අයි.ඒ. එක. එය කර තිබෙනවා මුහුද ගොඩ කිරීම පිළිබඳව. එය ප‍්‍රශ්නයක් නැහැ. දෙවැනි ඊ.අයි.ඒ. එකක්  ඕනි මේ ගොඩබිම කරලා ඒවායේ ඉතිරි සංවර්ධන කටයුතු සඳහා. ඒක නැහැ. චීන රජයත් අනවබෝධයක් ඇති නොවන පරිදි මෙය අපි කළ යුතුයි කියා එතුමා කිව්වා. අනෙක ජනාධිපතිතුමාත් මාර්තු මාසයේ චිනයට යනවා. ඒවත් සමග කතා කරගෙන යන අතරේ අඩුපාඩු ටික අපි හදමු මේ විදිහට කියලා.

ඉකුත් රජය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂි ජින් පිං මහතා අතින් මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භවූ අතර නව රජයක් බලය ලබාගැනීමෙන් පසු මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මකවේද යන්න පිළිබඳ විවිධ මතිමතාන්තර පැවතිණි.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන මාර්තු මාසයේදී චීනයේ සංචාරයක නිරතවීමටද අපේක්ෂා කරන බව ද කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉදිකිරීම් නතර කරන බවට සිදුකළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

දැන් ඇමැතිතුමා මේක දිගටම කරගෙන යනවාද?

ඔව්…

ඔබතුමාලා මැතිවරණයට කලින් කිව්වේ මේක නවත්වනවයි කියලා.

අපි කිව්වේ නැහැනේ… අපිට කොහොමවත් කියන්න බැහැ… අපිනේ මේක පටන් ගත්තේ.

විපක්ෂ නායකතුමා සඳහන් කළා…

එහෙම කිව්වද… එතුමා හමුවුණු වෙලාවක අහන්න…

දැන් අගමැතිතුමා….

අගමැතිතුමානේ… එතුමා අපිත් එකක් එකතු වෙන්න ඉස්සර වෙලාද දන්නේ නැහැනේ…. අපි දෙගොල්ල එකට එකතු වෙලා තියෙන්නේ අවබෝධතාව ඇති වෙලා තියෙන්නේ… එතැන ඉදලා මං වග කියන්නේ. ජනාධිපතිතුමා ගැන මං වග කියනවා දිගටම.

ඒ වැඬේ හොඳ නිසා කරන් යනවද? චීනය තරහ වෙයි කියලද කරන් යන්නේ.

නැහැ…. වැඬේ නරක් වෙන්න බැහැනේ. අපිට කරන්න බැරි දෙයක්. ඒක සම්පූර්ණ ආයෝජනයක්. එතකොට එක්සත් ජාතික පක්ෂ රජය තියෙන කාලයේත් සිංගප්පූරු සමාගමක් හරහා මේකම ගෙනාව. එකේදි තිබුණේ රික්මලේෂ්න.. ඔය රික්ලේම් සිටි එකක්….

නව රජයක් යටතේ මෙම ව්‍යාපෘතිය අත්හිටවීමට පියවර ගන්නා බවට, වත්මන් රජයේ පාර්ශවකරුවන් විසින් ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී අවධාරණය කෙරිණ. ජනාධිපතිවරණයට පෙර විපක්ෂනායක කාර්යාලයේ පැවති සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සුලු හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන්ගේ හමුවකදි වරාය ව්‍යාපෘතිය නිසි තත්වයක නොමැති බැවින් තම රජය යටතේ එය වසා දමන බව වර්තමාන අගමැති එවකට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු විය.