පෙරියඉලූක්කුලමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි.

533533565

වවුනියාව පෙරියඉලූක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.පාවක්කුලම වැව ආසන්නයේදී ඊයේ රාත‍්‍රියේ මෙම පොලිස් නිලධාරියා වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි සදහන් වන්නේ. 36 හැවිරිදි ඔහු ප‍්‍රියන්ත පේ‍්‍රමරත්න නමැත්තෙක්.

රාත‍්‍රී පාමුර සංචාරයේ නිරත වෙමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක් වුණා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.