කේ: පී: ට රට බැ.

Kumaran Pathmanathan

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයෙකු ලෙස සැළකෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ගේ විදේශ ගමන් බලපත‍්‍රය අභියාචනාධිකරනය අද අත්හිටවනු ලැබුවා. මෙලෙස ගමන් බලපත‍්‍රය තහනම් කරමින් අභියාචනාධිකරණය අද ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේ ජනතා විමුක්ති පෙරමුණ ගොනුකල පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි. කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පසුගිය 27 වැනිදා ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළේ මොහු අත්අඩංගුවට ගැනිමට හෝ පරික්ෂණ පැවැත්වීමට  හැකියාවක් ඇත්දැයි යන්න සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

ඒ අනුව මෙම නඩුව අවසන් වනතුරු කේ.පී.ගේ විදේශ ගමන් බලපත‍්‍රය අත්හිටුවන ලෙසයි අධිකරණය අද නියෝග කළේ.