කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වෙයි.

313131313131

එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ ජනාධිපති නීතීඥ කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 81 වන වියේ පසුවුණා. 1933 වසරේ උපත ලද ජනාධිපති නීතීඥ කේ. එන්. චොක්සි 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහාද දායක වී තිබෙනවා. ඔහු 1992 වසරේ සිට 1994 වසර දක්වා ව්‍යවස්ථා සහ රාජ්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙසත් 2001 වසරේ සිට 2004 වසර දක්වා එක්සත් ජාතික පක්ෂ රජයේ මුදල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා. අභාවප‍්‍රාප්ත හිටපු මුදල් අමාත්‍යවරයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.