ඕමන්ත මුරපොළ අත්හරි.

11132132131313

වවුනියාව – ඕමන්ත සීමා මුරපොළ හරහා ගමන් කරන වාහන සහ පුද්ගලයන් පරීක්‍ෂා කිරීමේ කටයුතු නතර කොට තිබේ. මේ සමඟම උතුර සහ දකුණ අතර පරික්ෂාවකින් තොරව ගමන් කිරීමට අවස්‌ථාව උදාවී ඇත.

2002 මාර්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වූ මෙම ඕමන්ත සීමා මුරපළ හරහා ගමන් කළ සෑම වාහනයක්‌ම හා පුද්ගලයකුම ලියාපදිංචි වීම මෙතෙක්‌ අනිවාර්ය විය. එමෙන්ම මුරපළ හරහා ගමන් කරන පුද්ගලයන් ද භාණ්‌ඩ ද දැඩි ලෙස පරීක්‍ෂා කෙරුණු අතර මුරපළ හරහා බස්‌රථවලින් ගමන් කරන වැසියෝ ද බස්‌රථයෙන් බිමට බස්‌සවා පරීක්‍ෂා කෙරිණි.

2013 සැප්තැම්බර් මස 01 වැනිදා ඕමන්ත සීමා මුරපළේ කටයුතු මඳක්‌ ලිහිල් වුවත් පරීක්‍ෂා කිරීමේ කටයුතු මේ දක්‌වාම සිදු කෙරිණි.

31313131313131313 q1321331`313131313

ඉකුත් 2 වැනිදා සිට මගීන් සහ සාමාන්‍ය භාණ්‌ඩ රැගෙන ඕමන්ත සීමාමුරපළ හරහා ගමන් කරන කිසිවකු පරීක්‍ෂාවට ලක්‌නොකිරීම නිසා සියලු වැසියන් සාමාන්‍ය අන්දමට මුරපළ හරහා සිය වාහනවලින් ගමන් කරන අයුරු දක්‌නට ලැබිණි.

ඕමන්ත සීමා මුරපළේ පරීක්‍ෂා කිරීමේ කටයුතු ඉවත් කිරීමත් සමඟම යාපනය – මහනුවර ඒ – 9 මාර්ගයේ කිසිදු මුරකපොල්ලක්‌ ක්‍රියාත්මක නොවන බව ද සදහන්.

යුද සමයේ ඕමන්තේ හමුදා මුර පොළක්ද ඊට ඈතින් කොටි සංවිධානයේ මුර පොළක්ද තිබිණි. මෙම මුරපොළවල ෆෝම් පුරවා අනන්‍යතාවය ඔප්පුකර උතුරට යෑමට කටයුතු සකසා තිබුනේය.

වාහන ලියාපදිංචිය වැනි වෙනදා සිදු කෙරෙන පරීක්ෂණ කිසිවක් දැන් නොකෙරෙන බව එහි නිලධරයෝ කියති. වෙනදා නිලධරයන් රැඳී සිටි එම ස්ථාන අද පාළුවට ගොස් තිබේ.

21313131313131313 q1321331`313131313121`2