අයවැය විවාදය අද සිට.

 

sri_lanka par

නව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය පිළිබඳව විවාදය අද(05) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

අද සිට දින 03ක් විවාදය පැවැත්වීමෙන් අනතුරුව සෙනසුරාදා පස්වරුවේ අතුරු අයවැය පිළිබඳ ජන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.

නව රජය පත්වීමත් සමඟම පසුගිය 29 වන දින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙම අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි.

එමගින් ජනතාවගේ ජීවන වියදම පහත හෙලීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත්වී තිබු අතර රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් ඉහළ නංවා තිබුණි.

මෙම අතුරු අයවැය මගින් නව බදු වර්ග කිහිපයක් හඳුන්වා දී තිබු අතර මන්දිර බද්ද, කැසිනෝ බද්ද,යම් යම් ආයතන ඉලක්ක කර එල්ල කල බදු වර්ගද,අතිතය සදහා බලපාන බදුද එක්කර තිබුනි.

නව රජය විසින් ඉදිරිපත් කරන ලද මෙම අතුරු අයවැය විවාදයේ දී එහි වැරදි සහ අඩුපාඩු පෙන්වාදීමට කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් අයවැයට පක්ෂව ජන්දය ලබාදීමට කටයුතු කරන බව ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියේය.