ඇත්ත සොයා තිස්ස අල්ලයි.

Tissa Attanayake

හිටපු එජාප මහ ලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වනවා.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී ඔහුගේ ව්‍යාජ අත්සන් යොදා ‘රනිල්-මෛත්‍රී ගිවිසුමක්‘ ලෙස ව්‍යාජ ලියවිල්ලක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනු ලැබුවා.

එහිදී මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූයේ තිස්ස අත්තනායක මහතා විසින් ව්‍යාජ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සදහන් කර තිබෙනවා.